මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන දියණිය සමග ලිංගිකව හැසිරුණු පාපතර පියා..සියැසින් දුටු නැගණිය කියන කතාව..

police Sri Lanka crime Harassment Hirana
By Sewvandhi Mar 27, 2022 11:52 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන 32ක හැවිරිදි තරුණියක් ලිංගික ඇසුරට යොදා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් එම තරුණියගේ පියා හිරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී, එම ප්‍රදේශයේම ප්‍රදේශවාසීන් විසින් අදාළ සැකකරු ගමට පැමිණ සැඟව සිටි ඉකුත් 25 වැනි දින රාත්‍රියේ දී අල්ලා පොලීසියට භාරදෙනු ලැබුවා.

සැකකරු විසින් සිය වැඩිමහල් සොයුරිය වූ මානසික ව්‍යාකූලභාවයකින් ‍යුතු තැනැත්තිය සමග ලිංගික ඇසුරක යෙදෙන අයුරු සියැසින් දුටු බවට පොලීසියට අදාළ සිද්ධියට භාජනය වූ තැනැත්තියගේ බාල සොයුරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ඇරඹුණේ.

සිද්ධියට භාජනය වූ මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන අදාළ තැනැත්තියව මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති අතර, සැකකරු 52 හැවිරිදි තිදරු පියෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට සැකකරු විසින් මෙම තැනැත්තියට ලිංගික හිංසනයන් සිදු කර ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now