මෙහෙමත් සැමියෙක් අම්මපා.. - බිරිඳ මිය ගියැයි බොරු කියලා ගෙදරට මිනී පෙට්ටියක් යවලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jul 26, 2024 04:16 PM GMT
Report

ඊයේ (25) බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් තම බිරිඳ මියගොස් ඇති බවට බොරුවක් පවසා මල්ශාලාවකින් මිනී පෙට්ටියක්, මිනී ඇඳුම්, මල්වඩමක් සහ අනෙකුත් අවමංගල්‍ය භාණ්ඩ නිවසට යවා තිබෙනවා.

මෙහෙමත් සැමියෙක් අම්මපා.. - බිරිඳ මිය ගියැයි බොරු කියලා ගෙදරට මිනී පෙට්ටියක් යවලා.. | Family Issues

මොහු විසින් මල්ශාලාවේ සේවකයින්ට මෙලෙස බොරුවක් පවසා ඊයේ රාත්‍රියේ මෙම අවමංගල්‍ය භාණ්ඩ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව මල් ශාලාවේ සේවකයින්ට මොහු පවසා ඇත්තේ රෝගාතුරව සිටි තම බිරිඳ මියගිය බවත් මරණ පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් ඒ බව තහවුරු කළ බව ය.

පසුව එම සේවකයින් විසින් මිනී පෙට්ටිය ඇතුළු අවමංගල්‍ය භාණ්ඩ ද රැගෙන අදාළ නිවසට ගොස් ඇත.

එහිදී දරුවන් විසින් පවසා ඇත්තේ මිනී පෙට්ටිය ඇතුළු අවමංගල්‍ය භාණ්ඩ නිවසට රැගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්නයි. 

එමෙන්ම, මව මියගොස් නැති බවත් ඇය මුළුතැන්ගේ සිටින බවත් දරුවන් සඳහන් කර තිබෙනවා.

එහිදී මුදල් ගෙවා රැගෙන ආ මිනී පෙට්ටිය ද රැගෙන ආපසු යෑමට මල්ශාලා සේවකයින් සුදානම්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා සේවකයින්ට තර්ජනය කර ඇත.

ඒ අනුව ඔවුන් විසින් මිනී පෙට්ටිය නිවස තුළ දමා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.

අනතුරුව මේ පිළිබඳව දරුවන් විසින් පොලිසියට දැනුම් දී ඇති අතර, බලංගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම නිවසට පැමිණ අදාළ මිනී පෙට්ටිය යළි රැගෙන යන ලෙසට මල්ශාලා සේවකයින්ට දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සඳහා ගෙවූ රුපියල් හතලිස් දහසක මුදල මල්ශාලාවට පැමිණ රැගෙන යන ලෙසට ද අදාළ පුද්ලයාට පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම පුද්ගලයා මෙවැනි ක්‍රියාවක් සිදුකළේ කුමන කාරණාවක් මත ද යන්න පිළිබඳව වාර්තා වී නොමැත.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%