මිල වෙනස් කරන ඖෂධ අලෙවිසල්වලට සිදුවන දේ..
Sri Lanka
By krishani
ඖෂධවල මිල වෙනස් කළ හැක්කේ, ආනයනකරුට සහ එහි නිෂ්පාදකයාට පමණක් බවත් අලෙවිසල් හිමියාට මිල වෙනස් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
පවතින ඖෂධ හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඖෂධ අලෙවිසල් හිමියන් ඖෂධවල මිල වෙනස් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව ඔවුන් පවසන්නේ.
ඊට අදාළව ඖෂධ අලෙවිසල් මේ වන විට පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති අතර හපුතලේ, බණ්ඩාරවෙල සහ බදුල්ල යන ප්‍රදේශවල එවැනි අලෙවිසල් පරීක්ෂා කිරීම ඊයේ (19) දිනයේ සිදු කෙරිණී.