පරිස්සමෙන් මෙහෙම හොරුන්ට ඔබත් හසුවෙයි.. ව්‍යාජ හැදුනුම්පත් භාවිත කළ වාහාන ජාවාරම...
මුහුණු පොතේ පල කර තිබෙන දැන්වීම් අනුව අඩු මුදලක් දි ලබාගත් රුපියල් කෝටි 2 කට අධික වටිනා වාහන කූට ලේඛන සකසා විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක නිරත වූ පස් දෙනෙකුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාද කොට්ඨාසය විසින්. මෙම සැකකරුවන් සමග සුඛෝභෝගි වෑන් රථයක්, කුඩා ලොරි රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් හා මොටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5310 ක් හා හොරයින් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5694 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලියාපදිංචි අංකයක් සහිත වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසි ඒකක තුන භාර පොලිස් පරීක්ෂක සුජීව ප්‍රේමවර්ධන මහතාට ලද තොරතුරකට ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී සැකකටයුතු වෑන් රථය නවතා සිදුකළ පරික්ෂාවේ ද ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.
එම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන සිදු කළ දීර්ඝ විමර්ශනයේදී මූල්‍ය ආයතන මගින් ගෙවීමේ පදනම මත වාහන ලබාගෙන තිබූ පුද්ගලයන් එම මුදල් ගෙවීමට අපහසු වූ අවස්ථාවේදී එම වාහන අඩුමුදලක්දි වාරික ගෙවාගෙන යන ලෙස මුහුණු පොතේ පල කරන දැන්වීම් අනුව එම මිලදීගෙන , ඒවාට කූට ලේඛන සකසා වෙනත් පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීතිබෙනවා.
මෙම ජාවාරමට තවත් පුද්ගලයන් දෙදෙනෙක් කොළොන්නාව සූසාන භූමිය අසලදී ත්‍රී රෝද රථ දෙකක් කුඩා ලොරියක් සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවාං