ව්‍යාජ රන් ජාවාරම..

Kilinochchi Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 18, 2023 10:24 AM GMT
Report

 පොලීසිය විසින්, අලෙවි කිරීම සඳහා සකස් කළ කිලෝ 11 ග්‍රෑම් 100ක් බරැති ව්‍යාජ රන් කැබලි 42ක් සමග සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) සවස සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුවය.

කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබුණි. ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now