හදිසියේම Facebook සමාජ මාධ්‍ය ජාලය තහනම් කරයි!!!

Facebook Social media Russian
By Aruna Mar 04, 2022 11:51 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග හුවමාරු වන සාවද්‍ය තොරතුරු සඳහා වැට බැඳීමක් ලෙස මෙම පියවර ගැනීමට රුසියාව තීරණය කර ඇති බවයි එරට සන්නිවේදන නියාමන කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර රුසියානු හමුදාවන් සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15ක සිර දඬුවම් නියම කිරීමට හැකි නව නියෝගයකට අත්සන් තැබීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මේ සමග රුසියාවේ ක්‍රියාත්මක වන ස්වාධින මාධ්‍ය ආයතන කිහිපයක්ම සිය විකාශන කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම BBC පුවත් සේවයේ රුසියානු කාර්යාලය තාවකාලිකව වසා දැමීමට එම ආයතනය අද තීරණය කර තිබෙනවා.

ඒ සිය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now