හදිස්සි අවස්ථාවන්ට මුහුණ දෙන්න ඔබ ලෑස්තිද?
කලින් දාගත්ත ගමනකට, පාර්ටි එකකට වගේ නම් ඔබට කල් තියාම හොඳින් ලෑස්ති වෙන්න පුළුවන්. පාර්ටි එකකට එහෙම යනවා නම් කරන්න කොච්චර දේවල් තියෙනවා, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට. වැඩේට දවස් දෙකතුනකට කලින්. ඒත් හදිසියේ යෙදුණු අවස්ථාවකට දඩිබිඩියේ ලෑස්ති වෙන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. හැබැයි අපි මේ කියන්න යන්නේ කොච්චර හදිස්සි වුණත් ඔබට ඉක්මනින් කර ගන්න පුළුවන් beauty tips කිහිපයක් ගැනයි.
හිස කෙස් පිරිසිදු කර ගැනීම
💆🏻♀️ තෙල් සහිත කෙස් කළඹකට පුළුවන් ක්ෂණිකව ඔබේ පෙනුම වෙනස් කර දමන්න. ඔබට ස්නානය කිරීමට හැකියාවක් ඒ මොහොතේ නැති වෙන්න පුළුවන්. එවැනි මොහොතකදී හිස කෙස් නළල පෙදෙසින් වෙන් කරගෙන පහතට කර පොනිටේලයක් දමා කොටසක් සෝදන්න. හිසේ වියළි හිස කෙස් තිබෙන නිසා සියල්ල වියළීමට වැඩි වෙලාවක් ගත වන්නේ නැහැ. ඉන්පසු හිස කෙස් ඉහලට කර පොනිටේලයක් දමන්න.
නියපොතු පිරිසිදු කර ගැනීම
💆🏻♀️ ඔබට හදිසියේ නියපොතු පිරිසිඳු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඔබට තිබෙන විසඳුම උණු වතුර භාජනයක් සහ දත් බුරුසුවකුයි. උණු වතුර බඳුනට දෑත් බහා විනාඩි 5 – 10ත් අතර සිටින්න. ඉන්පසුව දත් බුරුසුව යොදා නියපොතු සහ සම මත අතුල්ලා ගන්න. එවිට අපද්‍රව්‍ය සහ මැරුණු සම පහසුවෙන් ඉවත් වෙනවා.
නිය ආලේපන ඉක්මනින්ම වේලාගන්න
💆🏻♀️ පාර්ටි එකකට වගේ යනවා නම් හදිසියට නිය ආලේපන ගාන්න බෑ. මොකද වේලෙන්නම වෙනම වෙලාවක් යනවනේ. හැබැයි ඉතින් ඔබට පුළුවන් නිය ආලේපන ගාලා අයිස් වතුර එකක අත් දෙක ඔබාගෙන ඉන්න. එතකොට හැමතැනම පතගෑවෙන්න නැති තරමට වේලාගන්න පුළුවන්.
ඔබේ අවපැහැ ගැන්වුණු අඩි උස සෙරප්පු යුගලට අලුත්ම පෙනුමක්
💆🏻♀️ නොසැලකිලිමත් සහ අනාරක්ෂිත ලෙස පාරේ ඇවිදීම නිසා ඔබේ සෙරප්පු වල පෙනුම විනාශ වෙලාද? මේ දේ වුණේ හදිසි අවස්ථාවකදී නම් සහ ඔබට නව සෙරප්පු යුගලක් මිලදී ගැනීමටත් වෙලාවක් නැති නම්, මේ වගේ වෙලාවක ඔබේ උදව්වට එන්නේ හෑන්ඩ් ක්‍රීම්. ඔබට පුළුවන් සාමාන්‍ය හෑන්ඩ් ක්‍රීම් ස්වල්පයක් සෙරප්පු යුගලේ ගල්වා අවපැහැ ගැන්වීම ඉවත් කර ගෙන පැය කීපයකට නැවුම් පෙනුමක් ලබා ගන්න.
විනාඩි දහයකින් බඩ අඩු කර ගන්න
💆🏻♀️ රෑ වැඩියෙන් කාපුවම සමහර වෙලාවට උදේට බඩ වැඩි වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා උදේට ගොඩක් අයට ඩෙනිමේ සිප් එක දා ගන්න හරි අමාරුයි. මේ වගේ වෙලාවක ඔබට කළ හැකි පුංචි ව්‍යායාමයක් තිබෙනවා. උරහිස් පළල් කරගෙන කෙලින් සිට ගන්න. ඉදිරිය දෙස බලාගෙනම සෙමින් දණහිස් නැවෙන සේ බිමට පාත් වෙන්න. මෙසේ වාඩි වීම, නැඟිටීම එක දිගට විනාඩි 10ක් පමණ සිදු කළ විට බඩ අඩු වෙනවා.මේ ව්‍යායාමය දිනපතා කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.
අවුල් වුණු කොණ්ඩය සැකසීම.
💆🏻♀️ සමහර වෙලාවට කොණ්ඩය අවුල් වෙලා, කෙස් අග වියළි ස්වභාවයක් ගන්න පුළුවන්. බොහෝ විට මෙය සිදු වන්නේ දවස පුරා අව්වට හෝ දුවිළි වලට නිරාවරණය වී සිටීම වැනි හේතූන් නිසායි. හවසට ඔෆිස් එකෙන් එලියට බහිද්දී සිත් ඇද ගන්නා සුළු ලෙස සැරසිලා එලියට බහින්න ගොඩක් යුවතියන් උනන්දු වෙනවා. මෙවැනි අවස්ථා වල ඔබේ උපකාරයට පැමිණෙන්නේ පනාවක් සහ තෙල් ස්වල්පයක්. ඔබට කරන්නට තිබෙන්නේ ඔබේ පනාවේ දත් අතරට තෙල් ගැල්වීමයි. ස්ප්‍රේ කළ හැකි තෙල් බෝතලයක් ඔබ සතු නම් පනාවේ දැති අතරට තෙල් ස්ප්‍රේ කිරීම ඉතා පහසු වෙනවා. පසුව තෙල් සහිත පනාවෙන් ඔබේ හිස කෙස් පීරන්න. ඔබේ හිස කෙස් වල තිබුණු වියළි පෙනුම නැති වී, සිත් ඇද ගන්නා සුළු පෙනුමක් ලැබේවි.
මුහුණ මත ඇති වී තිබෙන විශාල කුරුලෑවක් ඉවත් කර ගැනීමට
💆🏻♀️ හිටපු ගමන් ඔබේ මුහුණ මත විශාල කුරුලෑ මතු වෙන්න ඉඩ තියෙනවා. නාසය මත, ඇස යට වගේ ලොකු කුරුලෑවක් ඇති වුණාම අන් අයගේ ඇස් වලට එය පහසුවෙන් හසු වෙනවා. මේ වෙලාවේදී ඔබට අවශ්‍ය වන්නේ පුළුන් කැබැල්ලක් හා ඇසට දමන බෙහෙත් බෝතලයක් (eye drop). මේ බෝතලය ශීතකරණයේ මඳ වේලාවක් තබා පසුව පුළුන් කැබැල්ලකින් එයින් බින්දුවක් ගෙන කුරුලෑව මත ගලවන්න. මේ ප්රතිකර්මය ඔබේ රුධිර නාල පටු කර කුරුලෑවේ ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරනවා.
අතේ ඉඳුල් ගඳ යවා ගැනීමට
💆🏻♀️ ඔබ මාළු, සැමන් වැනි දෙයක් ආහාරයට ගත් විට, ළුණු, සුදු ළුණු වැනි යමක් කැපු විට අත පිලී ගඳ ගහනවනේ. සමහර වෙලාවට කිහිප වරක් සබන් යෙදුවත් මේ ගඳ නැති වෙන්නේ නැහැ. මේ ගඳ එකවරම යවා ගැනීමට ඔබට උපකාර වන්නේ ටූත් පේස්ට්. ටූත් පේස්ට් ස්වල්පයක් යොදා සබන් ගානවා වගේ ඔබේ අත් දෙක අතුල්ලමින් සෝදා ගන්න. ගඳ ඉක්මනින් නැති වෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |