Easy Cash සහ M-Cash හරහා සිදුවන දැවැන්ත වංචාව - ඔබත් මෙයට හසුවෙලාද..?

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 02, 2024 01:16 PM GMT
Report

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි, මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

එහිදී Easy Cash සහ M-Cash මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන (communication) 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකරන ලදී.

පොලිස් මුලස්ථානය සදහන් කළේ, එහිදී පුද්ගලයින් 316 දෙ⁣නෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සිටින බවට හදුනාගෙන ඇති බවයි.

පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බවයි.

Sponsored By Sarrita Jewellery

Easy Cash සහ M-Cash හරහා සිදුවන දැවැන්ත වංචාව - ඔබත් මෙයට හසුවෙලාද..? | Ez Cash And M Cash Money Fraude Incident