මෝඩ වැඩ නොකර කෙල්ලෙක්ව දාගන්න හරිම විදිහ මෙන්න.
කොල්ලෝ කෙල්ලෙක් දාගන්න එක එක විදිහට try කරනවා. සමහරු හිතට උපරිම ධෛර්යෙන් අරගෙන යනවා කෙල්ලොත් එක්ක කතා කරන්න. ඒත් චොර වෙලා, චාටර් වෙලා, තමා එන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් නොකා නොබී සෝකාලාපයන් කියා කියා ඉන්නවා.
ඔය අතරේ ඉන්නවා වචනෙන් දෙකෙන් කෙල්ලනවා දැලේ දාගන්න කොල්ලොත්. හැබැයි ඉතින් ඒ අය අතරින් serious love කරන කොල්ලෝ එකෙක් දෙකෙක් හොයාගන්න පුළුවන් වුණාට. ගොඩක් කොල්ලෝ වචනයෙන් දෙකෙන් කෙල්ලෝ දාගෙන රවට්ටලා, තමන්ගේ ආතල් එක අරන් අතර මඟදී අසරණ කරලා දාලා යනවා.
හැබැයි මේ කියන්න යන්නේ Serious Love කරන්න Serious කෙල්ලෙක් හොයන කොල්ලන්ට, මෝඩ වැඩ නොකර කෙල්ලෙක්ව දාගන්න පුළුවන් Tips 4ක් ගැනයි.
01. Advice
?♂️ සාමාන්‍යයෙන් ගෑණු ළමයි කැමතියි තමන්ගේ ලස්සන,රූපය, ගතිගුණ, කතා විලාසයන් වගේ දේවල් ගැන වර්ණනා කරන කොල්ලන්ට.
?♂️ හැබැයි ඉතින් කෙල්ලව ලිංගික වස්තුවක් විදියට දකින කොල්ලන්ට නම් කෙල්ලෝ කැමති නැති බව මතක තියාගන්න.
?♂️ කෙල්ල එක්ක කතා කරන්න පටන් ගෙන තත්පර ගණන් නෙවෙයි මාස 7,8ක් ගියත් ඇයගේ අඟ පසඟ, සරාගීත්වය හෝ වර්ණනා කරන්න නම් එපා. කෙලින්ම ඔයාව Reject වෙයි.
02. Advice
?♂️දැන් කාලේ ගොඩක් වෙලාවට කෙල්ලෝ කොල්ලෝ Set වෙන්නේ Facebook එකෙන් හෝ නැත්නම් wrong numbers වලින්.
?♂️ හැබැයි Hi කියපු ගමන් අපි හෙට meet වෙමුද කියලා අහන්න යන්න එපා.
?♂️ Facebook එකෙන් chat කරනවා නම් number එක ඉල්ලලා, Photos ඉල්ලලා වද දෙන්න එපා.
?♂️ එක පයින් ඔයා කපා හරියි. මොකද කෙල්ලෝ කොල්ලොන්ට වඩා පරිස්සම්. කියපු පමාවට meet වෙන්න එන්නේ නැහැ.
?♂️ ගොඩක් කෙල්ලෝ තමන්ගේ හිතට fit වෙන්නේ නැත්නම් Phone number එක තියා Photo එකක්වත් එවන්නේ නැහැ.
?♂️ ( එහෙම අය නැතුවාම නෙවෙයි. ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න.)
03. Advice
?♂️ සමහරු කෙල්ලෝ ඉස්සරහා හරියට පම්පෝරි ගහනවා.
?♂️ ඒ වගේ කොල්ලෝ iPhone, Rolex watch, hybrid car, ලක්ෂ ගණන් වල ඩීල්, තමන් හම්බ කරන ගාණ, පවර්ෆුල් නෑදෑයෝ ගැන කියලා තමයි කෙල්ලන්ව නම්වා ගන්න හදන්නේ.
?♂️ හැබැයි පුතෝ ඔය බොරු ආටෝප වලට නම් කෙල්ලෝ අහුවෙන්නේ නැහැ. මෝඩ කෙල්ලෙක් අහු වුණොත් මිසක්.
?♂️ ඒ නිසා කෙල්ලෝ එක්ක කතා කරද්දී කට ටිකක් පරිස්සම් කරගන්න. තමන්ගේ උජරුකම්, පම්පොරිකම් පැත්තක තියලා.
?♂️ ( එහෙම අය නැතුවාම නෙවෙයි. ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න. ඒ අය කැමති වෙන්නේ ඔබේ සල්ලි වලට මිසක් ඇත්තම ආදරේට නෙවෙයි )
04. Advice
?♂️ කෙල්ලට රැජිනක් වගේ සැලකුවොත් වැඩේ ගොඩ කියලා හිතන කොල්ලොත් ඉන්නවා.
?♂️ ඒ වගේ අය තමයි කෙල්ල කියන කියන පදේට නටන්නේ. කෙල්ල මොන මෝඩ කතාව කිව්වත් කෙල්ලගේ ගොන් කතා අගගෙන ඉන්නවා.
?♂️ කෙල්ල ඉස්සරහා බයාදු වෙන්න යන්න එපා. ඒ වගේ කොල්ලන්ට කෙල්ලෝ මළාට කැමති වෙන්නේ නැහැ.
?♂️ ( කැමති වෙන උන් නැතුවාම නෙවෙයි.)
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |