අපේ රටේ ඛනිජ සම්පත් හාරලා අපනයනය කරන්න රටවල් රැසකට අවස්ථාව.
මෙරට ඛනිජ සම්පත් කැණීම් කර අපනයනය කිරීමේ අවස්ථාව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයකට ලබාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා පවසන්නේ,මෙරට ඛනිජ සම්පත් කැණීම් සිදුකර අපනයනය සඳහා විදේශීය සේම දේශීය සමාගම් රැසකින් ඉල්ලුම්පත්‍ර විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ආයෝජන මණ්ඩලය හරහා සමාගම් විසින් ඩොලර් මිලියන 120ක ආයෝජන ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් දැනට බලපත්‍ර නිකුත් කරන්නේ ඛනිජ සම්පත් ගවේෂණයට පමණයි.
සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඛනිජ සම්පත් කැණීම් බලපත්‍ර ලබාගන්නා සමාගම් විසින් අවම වශයෙන් ඩොලර් මිලියන 5ත් 10ත් අතර තැන්පතුවක් මෙරට බැංකුවක තැන්පත් කර සිය අවංක බව තහවුරු කළ යුතු බවට එම සමාගම් වලට දැනුම් දෙන බවයි.
එමෙන්ම ඛනිජ සම්පත් ගවේෂණයට අදාළව බලපත්‍ර ලබාගත් ඇතැම් සමාගම් අදාළ ඉඩම්වල ගවේෂණ කටයුතු සිදු නොකරන වසර 5කට වරක් බලපත්‍ර අලුත් කිරීම පමණක් සිදු කරන බවත් මෙලෙස වසර දහයකට වරක් බලපත්‍ර අලුත් කරමින් ගවේෂණ කටයුතු සිදු නොකළ සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසනවා.
මේ අනුව මෙරට තිබෙන මිනිරන් ඇතුළු ඛනිජ සම්පත් කැණීම් කර අපනයනය කිරීමට නියමිතයි.