දැවැන්ත පිපිරීම් දෙකක්...33ක් රෝහලේ..තවත් පිපිරීමක් අත ලඟ..

Accident World
By Aruna Aug 26, 2023 11:53 PM GMT
Report

රුමේනියාවේ, Bucharest ප්‍රදේශයේ පිහිටා ඇති, ගෑස් පිරවුම් හළක් ආශ්‍රිතව සිදු වූ පිපිරීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එම ස්ථානයේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි. ගිනි නිවීම සඳහා එම ස්ථානයට රථ 25ක් පමණ යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

දැඩි පිළිස්සුම් තුවාල සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ ස්ථානයේ තවත් ගෑස් ටැංකියක් පිහිටා ඇති අතර එය ඉතා අවදානම් මට්ටමක පවතින බවයි.