කල් පැන්න කෝටියක කෝස්ටික් සෝඩා රජයේ ආයතනයකින් හසු වූ හැටි.
Ministry of Consumer Affairs Authority
By Wayomi
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබියදීයි.
සබන් නිෂ්පාදනය සඳහා අළෙවි කරමින් තිබූ එම කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 බැගින් වන කොට්ට 1,857 ක් භාරයට ගෙන ඇති අතර වෙළෙඳපොලේ සාමාන්‍ය මිලට වඩා රුපියල් 3,500 ක පමණ අඩු මුදලකට එම ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් අළෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව එම ආයතනය කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් රුපියල් 5,000කට අළෙවි කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දාල කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගය රඳවාගෙන විමර්ශන සිදු කරන බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.