දැනගෙන හිටියේ නැහැ නේද? මේ දේවල් වලටත් Expire date එකක් තියෙන බව.

By Wayomi Sep 13, 2022 05:34 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපි ගොඩක් වෙලාවට වෙළඳපොලෙන් ගන්න දේවල් වල Expire date ,එහෙමත් නැත්නම් කල් ඉකුත් වෙන දිනය සඳහන් කරලා තියෙනවා.ඒක බලලා තමයි අපි ඕනෙම දෙයක් ගන්නේ.හැබැයි සමහර භාණ්ඩ වල එහෙම කල් ඉකුත් වෙන දිනයක් සටහන් කරන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා ඒ දේවල් කවදාවත් කල් ඉකුත් වෙන්නේ නැහැ කියලා.නමුත් ඔබ නොදන්නා ගොඩක් උපකරණ වැනි භාණ්ඩ පවා කල් ඉකුත් විය හැකියි. මේ කියන්න යන්නේ ඒ විදිහට Expire වෙන්න පුළුවන් භාණ්ඩ වර්ග කිහිපයක් ගැනයි.

කොට්ට

? වසර 2 - 3 කින් කල් ඉකුත් වෙනවා.කොට්ටේ කාලයක් යනකොට කොට්ටේ විෂබීජ එකතු වෙනවා.ඒ වගේම කොට්ටේ ඝනකම පවා වෙනස් වෙනවා.ඒ නිසා බෙල්ලේ කැක්කුම් වුණත් ඇති වෙන්න පුළුවන් ‌

පාවහන්

? පාවහන් කියන්නෙත් වැඩි කාලයක් භාවිතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.ඒ වගේම ටික දවසක් යනකොටවිෂබීජ රැඳෙන තැනක්. දැන් දන්නවනේ ඇත්තටම සෙරප්පු දෙකක් හරියටම භාවිතා කරන්න පුළුවන් මාස 06ක් පමණයි.ඒ නිසා දැන් මාස 06කට වතාවක් සෙරප්පු මාරු කරන්න

Sponge සහ shower puffs

? මේවායේ අනිවාර්යයෙන්ම විෂබීජ පිරෙනවා .මොකද ඒ දෙකෙන්ම කරන්නේ අපේ ශරීරය පිරිසිඳු කරන එක.ඒ නිසා Sponge නම් සති 2කට වරක් සහ shower puffs මාස 6කට වරක් මාරු කරන්න.

තුවාය

? තෙත තුවාය කියන්නෙ බැක්ටීරියා විමනයක්නේ. ඒ නිසා අනිවාර්යයෙන් තුවායක් වසර 1 - 3 අතර කාලයකදී මාරු කරන්න. ‌

දත් බුරුසුව

? මාස 3ක් පමණක් භාවිතා කරන්න පුළුවන්. මේක නම් අපි දන්නා දෙයක්නේ.බුරුසුවේ හැඩය වෙනස් වුණාම , කෙඳි ඈත් වුණාම අලුත් බුරුසුවක් ගන්න ඕන.නැත්නම් හරියට දත් මැදගන්න බැරි වෙනවා. ‌

පනාව

? පනාව කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන දෙයක්නේ.ඒ නිසා නිතරම පනාව පිරිසිඳු කරන්න ඕන.නිතරම කියන්නේ සතියකට සැරයක් වගේ පිරිසිඳු කරන්න.නැත්නම් හිස්හොරි සහ හිසේ වෙනත් ආසාදන ඇති වෙන්න පුළුවන්.සතියකට සැරයක් පිරිසිඳු කරනවා වගේම වසරකට සැරයක් මාරු කරන්න.

සුවඳ විලවුන්

? සුවඳ විලවුන් වල අඩංගු Essential oil එය විවෘතව තියෙනවා නම් වසර 2ක පමණ කාලයක් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම විවෘත නොකර තිබුණා නම් වසර 3ක පමණ කාලයක් ද තබා ගැනීමේ හැකියාව තිබෙනවා .

බබාලට දෙන සූප්පුව

? සමහර අම්මලා නම් සුප්පුව නැති වුණාම හරි එහෙමත් නැත්නම් නැවත භාවිතා කිරීමට නොහැකි වුණාම හරි තමයි අලුත් සුප්පුවක් ගන්නේ.හැබැයි එහෙම කරන්න එපා.සාමන්‍යයෙන් සති 2 - 3ක් අතර කාලයකදී බබාගේ සුප්පුව මාරු කරන්න.

ළදරු Car seat

? Car seat එක දිගු කාලයක් භාවිතා කිරීමේදි එහි හැඩයට වෙනස් වෙනවා වගේම එයින් බලාපොරොත්තු වන ආරක්ෂාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒ නිසා වසර 6 - 10ක් අතර කාලයකදී අලුත් Car seat එකක් මිළදී ගන්න.

Bra

? වසර 1 - 2 පමණ කල් ඉකුත් වෙනවා. කාලයත් සමඟ Bra එකක ඇදෙන ගතිය වැඩි හෝ අඩු වෙලා හැඩය වෙනස් වෙනවා.ඒ වගේ තත්වයකට පත් වුණාට පස්සේ අලුත් Bra එකකට මාරු වෙන්න

සපත්තු

? වසරක ප,පමණ කාලයක් තමයි පවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන සපත්තුව සැතපුම් 250 - 300 පමණ පසු කරන විට එහි ඇතුලත කුෂන් යාම සිදු වෙනවා.එහි ප්‍රතිඵලයක් විදිහට සන්ධි වේදනා ඇති වෙන්න පුළුවන්.

ගිනි නිවන උපකරණ

? වසර 15ක් භාවිතා කිරීමට හැකි වුණත් එම උපකරණ වල කිසියම් කඩතොලු වැනි දේ දකින්නට ලැබෙනවා නම් ඒවා මාරු කරන්න.

Power cable

? සාමාන්‍යයෙන් Power cable වලට උපරිම ඔරොත්තු දිය හැකි විදුලි ධාරිතාවක් තියෙනවා.එම ධාරිතාව ඉක්මවලා ගියොත් ඒවා ඉක්මණින් දෝෂ සහගත වන අතර ඒවා භාවිතා කිරීම අවදානම්.ඒ නිසා ඒවාද වසර 1 - 2කින් පසු මාරු කිරීම සිදු කරන්න.

විෂබීජ නාශක

? විසබීජ නාශක වල ප්‍රධානම කාර්ය වන්නේ විසබීජ විනාශ කිරීම.නමුත් මාස 03 අවසන් වූ පසු එය සිදු වන්නේ නැහැ

මදුරු විකර්ෂක

? වසර දෙකකට පසු මදුරු විකර්ෂක මදුරුවන් විකර්ශනය කරන්නේ නැහැ.ඒ නිසා ඒවාද වසර 02කට පසු මාරු කරන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW