"..සන්නද්ධ සේවා නායකත්වය තියෙන්න ඕන.." විධායක ජනාධිපති ක්‍රමය ගැන අස්ගිරි පාර්ශවයේ ස්ථාවරය දැනුම්දෙයි...!

Parliament of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi May 29, 2022 03:14 PM GMT
Report

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (29) අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව දැනුවත් කළේය.

එහිදී මහා සංඝරත්නය කියා සිටියේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට තමන්වහන්සේ එකඟනොවන බවය.

අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳපුදා ගත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි බැහැදැක කරුණු පැහැදිලි කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා -

"ගෝඨාභය මහත්මයාට යන්න කියන උදවියගේ ශබ්දය පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨාභය මහත්මයා ගියොත් අපි ඊළඟ ජනාධිපති තෝරගන්න ඕන පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්. පොහොට්ටු පක්ෂයට තමයි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ. එතකොට ඒ පොහොට්ටුවෙන් ඊළඟට ජනාධිපතිවරයා විදිහට පත්වෙන කෙනා කවුද කියලා අපිට හිතාගන්න බැහැ. මොකද ඒක ජනතා තේරිමකුත් නෙවෙයි.

ඒකට අපි යෝජනා කරන විසඳුම 21වන සංශෝධනයෙන් පටන් ගන්න කියලා. අපි මේක ආවාට ගියාට කළේ නැහැ මහා නායක ස්වාමීන් වහන්ස. අපි මාසයක් මේකට සෑහෙන්න නිදිමරාගෙන, සාකච්ඡා කරලා, බොහෝම වෙහෙස මහන්සි වෙලා තමයි අපි මේ නිගමනයට ආවේ. මේ වේලාවේ ජනමත විචාරණවලට යන්න බැහැ. ජනමත විචාරණයක් නැතුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්නත් බැහැ. හදිසි අවශ්‍යතාවය සලකා බලලා, 21වන සංශෝධනයේ අපි ඉදිරිපත් කරලා තිබෙනවා ප්‍රධාන කාරණ කිහිපයක්."

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි -

"විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීමට අපේ පෞද්ගලික අදහස, ඒක කොහොමත්ම සුදුසු නැහැ කියන එක. සන්නද්ධ සේවා නායකත්වය තියෙන්න ඕන. 13 වන සංශෝධනයේ තියෙන බැරෑරුම්කම අපි කාටත් දැනෙනවා. ඒ නිසා ඒකට සන්නද්ධ සේවා නායකයා ජනාධිපතිතුමාගේ බලයේ සුරක්ෂිත වෙන්නට ඕනෑ කරනවා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිවරයාගේ සියලුම බලතල අහෝසිවන තාලේ, නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් වීමේ හානිදායකබවක් තිබෙනවා.

කොමිෂන් සභා, පූර්ණ කොමිෂන් සභා බවටම පත්වෙනවා නම් හොඳයි. අනිත් පැත්තෙන් තියෙනවා, දැනට තිබෙන දරුණු ආර්ථිකමය බිඳවැටීම කියන දේටත් සෑහෙන පිළිතුරු සොයාගෙන ක්‍රමවේදයක් සකස් කරමින් ගිහිල්ලා ඉවරවෙලා මේක ගේනවා මිසක්, මේකම ප්‍රමුඛත්වයට දාලා ඉවරවෙලා ආර්ථිකය විසඳාගන්න ගියෝතින්, තවත් ආර්ථිකමය බිඳවැටීමක් රටේ සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා."

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි -

"මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් සම්මත කරගන්න එකඟතාවයක් තියෙනවාද ? පුවත්පත්වල දකින්න තිබෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුම මේකට එකඟ නැහැ කියලා. දැන් අර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය ඉවත් කිරීමට ඇතැම් අය කැමති නැහැ කියලා ?" 

 අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා -

එහෙම එක එක්කෙනා තර්ජනය කරනවා. බය ගන්නවන්න හදනවා. මත හදනවා. එහෙම වුණා කියලා අපි මේක අතහැරලා දැම්මොත් අපිට මොකුත්ම නැහැ. අපි දන්වා මෙතැන විදේශිය පුරවැසිභාවය ඇත්තටම දාන්න හේතු වුණේ එක පුද්ගලයෙක් වුණාට, මේක ප්‍රතිපත්තියක් විදිහට ගේනවා.

ඒ පුද්ගලයා නිසා තමයි අපේ රටේ ආර්ථිකය විනාශවුණේ. ඔහු ඇවිත් මුදල් ඇමතිකම ගත්තා. බොරු අයවැයක් ඉදිරිපත් කළා. රෑ 12ට හොර ගිවිසුම් අත්සන් කළා. ප්‍රධාන වශයෙන්ම ඒ වගේ දූෂිත පුද්ගලයෙක් තියාගෙන පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ. මොකද ලෝකයම පිළිගන්නවා. ලෝකයේම ඉන්න දූෂිතයෙක් කියලා එයා. එක පැත්තකින් සතුටු වෙනවා ජනාධිපතිවරයාගේ සහෝදරයා වුණාත් ඒ උදවියට අයින් කරලා දුන්නා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now