සුවිශේෂී මූල්‍ය සහනයක් - එය ලැබෙන පිරිස මෙන්න.

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 23, 2023 01:48 PM GMT
Report

මෙරට වයස අවුරුදු 60 හෝ වයස අවුරුදු 60 ඉක්ම වූ ජේෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් ලබා දීමේ ක්‍රියා පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ බව දේශීය අදායම් දෙපාර්තුමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජේෂ්ඨ පුරවැසියන්ගේ මුල්‍ය යහපැවැත්මට සහාය වීමේ අරමුණින් බැංකු හෝ මුල්‍ය ආයතනය විසින් පොලි අදායම මත අඩු කරන ලද 5%ක් වූ අත්තිකාරම් බද්ද ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.