ලිංගභේදය සොයන උකුල් අස්ථියේ සාක්ෂිය.

By Wayomi Aug 16, 2022 11:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමහර අභිරහස් මරණ තියෙනවා...අවුරුදු ගානක් ගියාට පස්සේ තමයි ඇටසැකිලි ටික හම්බවෙන්නේ. එහෙමත් නැත්නම් මාස ගාණකින් වළකින්, ඇලකින් හෝ කැලයකින් ඇටසැකිලි හෝ කුණු වෙච්ච මළ සිවුරු හම්බවෙනවා. ඔය වගේ අවස්ථාවකදී කොහොමද ඒ මළ සිරුර ගැහැණුද? පිරිමිද කියලා හොයාගන්නේ?

ඉතින් මේ කියන්න යන්නේ එවැනි ක්‍රමවේදයක් ගැනයි. සාමාන්‍යයෙන් උකුල් අස්ථියෙන්ද වෛද්‍ය විද්‍යාවේ මරණ ගැන ගොඩක් දේවල් හෙළි කරගන්න පුළුවන්.

ඒ අනුව,

🟡 සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ උකුල් ප්‍රදේශය පුළුල් වන අතර පිරිමින්ගේ එය පටුයි.

🟡 උකුල් අස්ථිය සෑදෙනුයේ උකුල් ඇට දෙකකින් හා ත්‍රිකෝණ හැඩති "ත්‍රිකය"කින්.

🟡 ත්‍රිකය යනු කොඳු ඇට පෙලේ අවසාන පුරුක් කිහිපයයි.කලවා අස්ථි යාවන උකුල් ඇට දෙකෙහි ඇතුල් පැත්තේ වක්‍ර දෙකක් තිබෙනවා.

🟡 කාන්තාවන්ගේ මෙය පුළුල් වන අතර පිරිමින්ගේ මෙය පටුයි.

🟡 එමඟින් මරා දැමු පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ නිගමනයක් කරන්න පුළුවන්.

🟡 උකුල් අස්ථිය නොමැති වුවහොත් ත්‍රිකයෙන්ද සාක්ෂි රැස් කර ගත හැක්කේ ත්‍රිකය උසින් වැඩි වී පුළුල් නැති නම් පිරිමියෙකුගේද ,ත්‍රිකය උසින් අඩුවී පුළුල් වී නම් ගැහැණියෙකුගේද වීම තුලින්.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW