ලොවපුරා හදිසියේම සිදු වූ දේ මෙන්න. එකවරම සියල්ල බිඳවැටේ..
ගෝලීය ව්‍යාපාර කටයුතු වේගවත්ව සිදු කිරීම සඳහා පරිගණක සේවාවන් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් සර්විස් සේවාවන් හි ඊයේ (19දා) සිදු වූ ප්‍රධාන පෙළේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු, ජනමාධ්‍ය ආයතන බැංකුවල කටයුතු, ටෙලිකොම් සේවාවන් ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපාර කටයුතු රැසක් බිඳ වැටී තිබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ හේතුවෙන් ලොව පුරා ගුවන් මගීහු හා පාරිභෝගිකයෝ මිලියන ගණනක් දැඩි අපහසුතාවයකට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ක්ලවුඩ් සර්විස් සේවාවන් බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා රටවල ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු බිඳ වැටීම හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීම හා ප්‍රමාද වීම සිදුව ඇති අතර ගුවන් තොටුපළවල විශාල මගී පෝලිම් සැදී තිබූ බව ද වාර්තා වනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ලුෆ්තන්සා ස්කැන්ඩිනේවියන් එයාර් ලයින්ස්, ඉන්ඩි ගෝ ඇතුළු ලොව පුරා විශාල ගුවන් සේවා සමාගම් රැසක ගුවන් සේවා කටයුතු ඇනහිට ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඇතුළු ලොව පුරා කාර්ය බහුල ගුවන් තොටුපළවල් විශාල සංඛ්‍යාවකට මෙම තත්ත්වය අහිතකර අයුරින් බලපා තිබූ අතර ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවාවට අනුව ඊයේ දිනයේ ඔවුන්ගේ කිසිදු ගුවන් ගමනක් සිදු නොවූ අතර එංගලන්ත දුම්රිය සේවාවේ දුම්රිය ගමන් වාර ඇරඹීම විශාල වශයෙන් ප්‍රමාද වී තිබුණා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම ක්ලවුඩ් සර්විස් පරිගණක සේවාවන් බිඳ වැටීම හේතුවෙන් වෙලාවක් වෙන් කරගැනීමේ කටයුතු ඇන හිටීම නිසා එංගලන්තයේ සාමාන්‍ය සැත්කම් කටයුතුවලටද බාධා පැමිණ තිබූ බවයි.
මෙම ගෝලීය පරිගණක සේවාවන්හි සිදු වූ බිඳ වැටීමට මුල් වූ හේතුව ඊයේ දහවල් වන විටද නිශ්චිතව හඳුනාගෙන නොතිබූ අතර මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇතිව තිබෙන අපහසුතාවය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා තිබුණද එම තත්ත්වය මුල් වූ හේතුව අනාවරණය කර නොතිබිණ.
මෙම පරිගණක සේවා බිඳ වැටීම යුරෝපය පුරා පිහිටි ගුවන් තොටුපළවලටද බලපා තිබූ අතර එංගලනත්යේ ස්කයි රූපවාහිනි සේවාව සිය සජීවී විකාශනයන් සිදු කිරීමද නවතා දමන්නට පවා සිදුවිය.
මේ අතර ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අනුව ඊයේ දිනයේ හටගත් පරිගණක ජාලය බිඳ වැටීමේ සිද්ධියට හේතු වී ඇත්තේ ක්‍රවුඩ්ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ මෘදුකාංගයේ හටගත් දෝෂයක් බවයි පැවසෙන්නේ.
මේ අතර ඊයේ ලොව පුරා හටගත් ක්ලවුඩ් සර්විස් පරිගණක ජාලය බිඳ වැටීමට මුල් වූ හේතුව වශයෙන් සයිබර් ආරක්ෂණ ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් ආයතනය විසින් දක්වා ඇත්තේ සිය මෘදුකාංගයක් යවත්කාලීන (අප්ඩේට්) කිරීමේදී හටගත් දෝෂයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට බලපෑම් කිරීම නිසා හටගත් තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ හටගත් ගෝලීය පරිගණක ජාලය බිඳ වැටීම හේතුවෙන් දැවැන්ත සාප්පු සංකීර්ණ හා ඔසුසල්වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබූ බව ද පැවසේ.