යුරෝපයේ උසම ගිනිකන්ද විධාරණය වෙයි..නවතම දර්ශන මෙන්න..(VIDEO)

Italy volcano Etna urope
By Sewvandhi Feb 22, 2022 04:20 AM GMT
Report

යුරෝපයේ උසම සහ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ එඩ්ත්නා ගිනි කන්ද නැවත වරක් විධාරණය වී තිබෙනවා.

ඉන් කිලෝ මීටර් 10ක් පමණ දුරට දුම් සහ අළු නිකුත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් අවට ගම්මාන කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

එමෙන්ම කතානියා ගුවන්තොටුපොළ වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීටර් 3,330ක් උසැති එඩ්නා ගිනි කන්ද වසරකට කිහිපවරක් මෙසේ විධාරණය වන නමුත් ඉන් පුද්ගල හෝ දේපල හානි සිදුවීම දුර්ලභ වනවා. මේ වසරේ ගිනි කන්ද විධාරණය ආරම්භ වී තිබුණේ ඉකුත් 16 වනදායි.

(දර්ශන - විදෙස් මාධ්‍ය)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now