මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලට සතියකට වරක් සිදු කරන්න යන දේ

Food Shortages Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis Nalin Fernando
By Sewvandhi Sep 26, 2022 10:28 AM GMT
Report

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සතියකට වරක් අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

කුකුල් මස් සහ මාළු මිල සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු කියා සිටියා. අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පසුගිය මාසවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු වී ඇතත් කුකුල් මස් සහ මාළු මිල ගණන් මෙතෙක් අඩු කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා පවසන පරිදි මේ වන විට වෙළෙඳපොළේ බිත්තර අලෙවි වන්නේ රු. 43 සිට රු. 48.

මේ අතර ,කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now