අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වෙයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවි ඇති බව පිටකොටුව තොග වෙළදුන් පවසනවා. මේ හේතුවෙන් එළඹෙන සඳුදා දිනයේ සිට ආහාර පැකට්ටුවක මිල 20%-10% ප්‍රමාණයකින් අඩු කිරිමට කටයුතු කරන බවයි අපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන අල,පරිප්පු,සීනි,ලුණු මිරිස් ආදී භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළදුන් පවසනවා. නමුත් පෑලියගෝඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් පවතින්නේ ඉහල මට්ටමකයි.
වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණවත් පරිදි ලබා දෙන්නේනම් මත්ස්‍ය මිල පහත දැමිය හැකි බවයි. මේ අතර මැනිං වෙළඳපොළේ එළවළු මිල ගණන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගොස් ඇත්තේ මධ්‍යකදුකරය ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය සහ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොමැති විම හේතුව නිසා බවයි වෙළදුන් පවසන්නේ.
කෙසෙවෙතත් අත්‍යවශය ආහාර ද්‍රව්‍ය වල මිල පහත වැටිම හේතුවෙන් එළඹෙන සදුදා සිට බත් පැකට්ටුවක මිල අඩුකිරිමට කටයුතු කරන බවයි අපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |