Internet භාවිතයේදී Error Messages හඳුනාගන්නේ කොහොමද?
Error Messages කියන්නේ internet පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. ඔබ කිසියම් web එකකට log වෙන්න try කරද්දී web pages පෙන්වන්නෙ නැතිව යනවා. එවිට web browser එක විවිධ error messages එවනවා. 404 error message එක බ්නම් ගොඩක් අය දන්නවා වුණත් අනෙක් error messages වල තේරුම මොකක්ද කියලා හොයනවත් ඇති. ඉතින් ඒ ගැන දන්න නොදන්නා හැමෝටම මේ කියන්න යන්නේ විවිධ error messages වල තේරුම් ගැනයි.
⚠️️ 400 Bad Request
මින් අදහස් කරන්නේ, ඔබ type කර ඇති web address එකේ වරදක් තිබෙන බවයි.එවැනි අවස්ථාවක web address එකේ අකුරු හෝ ඉලක්කම වල අඩුපාඩු බලලා එහි නිරවද්‍යතාවය තහවුරු කරගන්න.
⚠️️ 404 page not found
web අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම , web අඩවියේ ඇතම් පිටු මකා දමා තිබීම හෝ web අඩවියේ ලිපිනය වෙනස් කර තිබීම. සමහර අවස්ථා වලදී web පිටුව refresh කළාම නිවැරදි කරගන්න පුළුවන්.
⚠️️ 403 Forbidden
ඔබ ඇතුල්වීමට උත්සාහ කරන web අඩවියට හෝ පිටුවට ඇතුල් වීමට අවසර නොමැති බවයි.
⚠️️ 401 Unauthorized
web අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන username හා password යොදාගෙන ඇතුල් විය යුතු බවයි. නැතහොත් ඇතුල්වීමට අවසර ලබා දෙන්නේ නැත.
⚠️️ 408 Request Time Out
ඔබගේන් යම් ප්‍රමාද දෝෂයක් සිදුව ඇති බවයි. ඒ කියන්නේ සමහර web අඩවි වල ලිපින click කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවන් අවස්ථා වල සිදුවන ප්‍රමාද නිසා මෙම error message එක එනවා. එවිට නැවත වරක් ක්ෂණිකව click කර එම web පිටුවට යාමට උත්සහ කරන්න.
⚠️️ 500 server error
මෙය අන්තර්ජාල සේවා සපයන ආයතන වල ඇති servers වල දෝෂ නිසා ඇති වෙනවා. සුළු වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වෙන්න.
⚠️️ 502 server overload
ඔබ භාවිත කරන ලබන servers කාර්යබහුල වී ඇති බව හා එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර servers වලට සම්බන්ද වීම.ටික වෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව ඉඳලා සම්බන්ධ වෙන්න.
⚠️️ 503 service unavailable
internet service provider (ISP) ගේ යම් කිසි වරදක් ඇති බව. ඔබගේ සම්බන්දතාවය නතර කර ඇති විට මේ message එක දකින්න පුළුවන් . එවිට සේවා සපයන ආයතනයට දැන්වීමෙන් මෙය නිවැරදි කරගන්න.
⚠️️ Connection Refused by Host
මේකෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ ඔබට වෙබ් අඩවියට ප්‍රවේශ වීමට අවසරයක් නොමැති බවයි හෝ සාමාන්‍යයෙන් භාවිතා කරන password එක නිවැරදි නොවන නිසා, පිවිසීමට උත්සාහ කිරීම අසාර්ථක වූ බවයි.
⚠️️ File Contains No Data
මින් අදහස් කරන්නේ අදාළ web පිටුවෙන් වැරදි තොරතුරු හෝ ප්‍රධාන තොරතුරු ඉවත් කර ඇති බවයි.