අසත්‍ය ප්‍රවෘත්තියකට එරෙහිව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර CIDයට පැමිණිලි කරයි

CID - Sri Lanka Police Sri Lanka Politician Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 24, 2026 09:03 AM GMT
Report

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් විසින් නොකියූ කරුණක් විකෘති කරමින් ප්‍රචාරය කර ඇති බවයි.

එවැනි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගත යුතු බවද ඔහු පැවසීය. තමන් කිසිදු අවස්ථාවක එම ප්‍රකාශය සිදු නොකළ ස්ථානයක් සහ පසුබිමක් යොදා ගනිමින් අදාළ ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත්, එහි අරමුණ මඩ ප්‍රචාරයක් ගෙන යාම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එය විවේචනය කළේය.