අතිශය දුර්ලභ ලේ වර්ගයක් සොයා ගැනේ..

By Sithumi Nov 17, 2022 04:38 PM GMT
Report

Er කාණ්ඩයේ දුර්ලභ ලේ වර්ගයක් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා. අලුත උපන් බිළිඳුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා භාවිතා කරන Er කාණ්ඩයේ දුර්ලභ රුධිර වර්ගයක් සොයා ගත් බව නව සොයා ගැනීමට දායක වූ රුධිර පාරවිලයනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, Dr. Reem Al-Radwan ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ලේ වර්ගය සොයාගැනීම සඳහා ගර්භනී කාන්තාවකගෙන් ලබාගත් රුධිරය සාම්පල 2018 වර්ෂයේ සිට පරීක්ෂා කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාතික ලේඛනාගාරය සතුව දුර්ලභ රුධිර වර්ග ඇති පරිත්‍යාගශීලීන් 370ක් ඇතුළුව 500,000කට අධික පරිත්‍යාගශීලීන්ගේ නම් ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now