EPF ණය කප්පාදුවට එරෙහිව අධිකරණය දුන් නියෝගය..!

Sri Lanka
By Sewvandhi Jul 27, 2023 09:54 AM GMT
Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

 අද (27) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඊට කල් ලබාදෙමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හය දෙනෙකු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.