එක් දින ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක් ඇරඹේ..පන්දුවාර 08ක් අවසානයේ ලකුණු 49ක් ..
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත් වැනි තරගය වන එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගය ධර්මශාලා හි HPCA ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භවී තිබෙනවා.
එහිදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.
අද තරගය ඉන්දීය වෙලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වුණා.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පන්දුවාර 07ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 43ක් රැස් කරගෙන සිටී.
මේ අතර, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 02.00ට ආරම්භ ආරම්භවීමට නියමිතයි.
එමෙන්ම අද පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බවයි ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.
පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානය සිය පළමු තරගයේදී නෙදර්ලන්තය පරාජය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබා තුන්වන ස්ථානයේ පසුවෙයි.