කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් නතර කරන්න නව ක්‍රමයක්..ඊයේ 18ක් මාට්ටුයි..(VIDEO)
Police spokesman
Sri Lanka Police
Child Abuse
Srilanka Bus
By Aruna
පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42කු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊට අමතරව ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට එක්ව සිටි බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.