නව ජනපති සංශෝධනය කල හදිසි නීතිය

Ranil Wickremesinghe Sri Lanka Ministry of Defense Sri Lanka
By Sewvandhi Aug 07, 2022 03:03 PM GMT
Report

හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළි සංශෝධනය කර තිබෙනවා. ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශිත හදිසි අවස්ථා නියෝග ජූලි මස 21 වනදා යළි සංශෝධනය කරනු ලැබුවා.

පෙරේදා නිකුත් කළ සංශෝධිත ගැසට් නිවේදනය අනුව පොලිස් නිලධාරීන් හා සන්නද්ධ හමුදා වෙත සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමට අදාළව හදිසි නීති රෙඟුලාසි යටතේ බලය පවරා තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 (අ), සහ 365 (ආ) හි දැක්වෙන අස්වාභාවික, දරුණු ලිංගික අපචාර යන වැරදි ඉන් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් නව සංශෝධිත ගැසට් පත්‍රය මගින් අදාළ ආරක්ෂක නිලධාරීන් වෙත සෝදිසි කිරීමට හා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි කිහිපයක් අලුතින් ඇතුළත් කර ඇති බව සඳහන්. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 408 සහ 410යේ සිට 420 දක්වා වන මහජනතාවට සහ මහජන දේපල වලට අලාභහානි සිදු කිරීමට අදාළ වැරදියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now