මව මරා උපන් කුමාරා ගැන දන්නවා වුණාට කැරපොත්ත මරණ උපන් බඹරා ගැන දන්නේ නෑ නේද? (PHOTOS)

By Wayomi Sep 27, 2022 07:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මරකත කැරපොතු දෙබරා(emerald cockroach wasp) ඔබ දැකලා ඇති. ස්වර්ණාභරණ බඹර (Ampulex compressa) ලෙසත් හඳුන්වනු ලබන මේ බඹර විශේෂය Ampulicidae පවුලට අයත් හුදකලා බඹරෙකි. ඇත්තටම මොවුන්ගේ විශේෂත්වය වන්නේ අසාමාන්‍ය ප්‍රජනක හැසිරීමයි. හරියටම කියනවා නම් මොවුන් තම වර්ගයා බෝ කිරීමට යොදාගන්නේ ඉතාමත් කුරිරු උපක්‍රමයක්. 

💠 මේ බඹර විශේෂයේ ගැහැණු සතුන් බිජු දැමීමේ කාලය ලං වන විට කැරපොත්තෙක් දඩයම් කරගන්නවා.

💠 එහෙම කරන්නේ බඹරා විසින් කැරපොත්තාගේ හිසට මුලින්ම දෂ්ඨ කරනවා. දෙවන වර කකුලට දෂ්ට කර කකුල් එහාමෙහා කරන්න බැරි වෙන්න අඩපණ කරනවා.

💠 ඊට පස්සේ මැය විසින් මේ කැරපොත්තාගේ හිසෙහි ඇති ඇන්ටනා යුගලය මගින් කැරපොත්තාව ඇදගෙන ගොස් ගුලක හෝ එවැනි ස්ථානයක සිරකරනු ලබන අතර ඉන්පසු ඇය විසින් ඇයගේ බිජුව කැරපොත්තාගේ කකුලක් ආසන්නයේ තැම්පත් කරනවා.

💠 මේ සියල්ල සිදුවන්නේ කැරපොත්තා ජීවත්ව සිටියදීය.(කැරපොත්තෙකුට ආහාර නොමැතිව දින 30 පමණ සිටිය හැකි යැයි සඳහන්.)

💠 බිජුව තැම්පත් කිරීමෙන් ඇය ඉන් ඉවත්වන අතර බිජුවෙන් එලියට එන කීටයා කැරපොත්තාගේ ශරීරය තුල කැරපොත්තාව ආහාරයට ගනිමින් වැඩෙනවා.

💠 අවසානයේ දින 40කට පමණ පසු වැඩුනු මරකත දෙබරෙකු කැරපොත්තාගේ ශරීරය තුලින් එළියට එනවා.      


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery