ලොව ඉහළින්ම වැජඹුණු ඉලෝන් මාස්ක්ගේ කිරුළ ගැලවුණේ ඇයි?

Elon Musk
By Wayomi Dec 14, 2022 09:02 AM GMT
Report

ලොව ධනවත්ම පුද්ගලයන් අතර ඉහළින්ම වැජඹුණු ඉලෝන් මාස්ක් දෙවන ස්ථානය දක්වා පහළ පැමිණ තිබෙනවා.

එහිදී ඉලෝන් මාස්ක් ව පසු කරමින් ලුවී වටාන් (Louis Vuitton) මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඉලෝන් මාස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ දින සිට මේ දක්වා ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 28 කින් පහත වැටීම මීට හේතු වී තිබෙනවා.

ඒ අනුව ඉලෝන් මාස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කින් පහත යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.8 ක් ලෙස සටහන් වී ඇති අතර බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 188.6 ක් වී ඇත.

කෙසේ වෙතත් මින් පෙර කිහිපවතාවක්ම බර්නාර්ඩ් ආර්නොල්ට් ඉලෝන් මාස්ක් පසුකරමින් ලොව ධනවත්ම පුද්ගලයා වූ නමුත් ඉලෝන් මාස්ක් සාර්ථකව ඔහුව පසුකරමින් එම අවස්ථා කිහිපයේදී නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වුණා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW