ඇල්ල රක්‍ෂිතයට ගිනි තැබූ 16 දෙනෙකු අල්ලයි - පාසල් සිසුනුත් ඒ අතර..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 25, 2022 08:42 AM GMT
Report

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16 ත් 22 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බදුල්ල හාලිඇල සහ නමුණුකුළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඇල්ල රක්‍ෂිතයට ඊයේ(24) ගිනි තබා ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රීයාත්මක වූ පොලිස් නිළධාරීන් වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ ගිනි නිවීම් ඒකකවල සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා. 

 කෙසේවෙතත් ගින්නෙන් රක්‍ෂිත කදුවැටියෙහි අක්කර 15 කට අධික ප්‍රදේශයක් හානියට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. ඉන් අනතුරුව සිදුකළ මෙහෙයුමකට අනුවයි ඇල්ල රක්‍ෂිතයට ගිනි තැබූ බවට සැක පිට මෙලෙස 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now