හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය සිදුවන්නේ මෙහෙමයි..
By krishani
දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) දින පැවැත්වේ.
ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 6.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති අතර ඉන් පසු මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි.
එම අවස්ථාවට රාජකීයයන් ද පා ගමනින් එක්වනු අතර පසුව වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට රැජිණගේ දේහය වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන ගොස් පැයක කාලයක් එහි තැන්පත් කෙරෙනු ඇත.
අනතුරුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම පසෙකින් රැජිණගේ දේහය ද තැන්පත් කිරීමට නියමිතයි.