මහ රැජිණගේ දේහය අසලට ළගා වීමට පෝලිම් පැන්න පුද්ගලයෙකුට සිදු වූ දේ..

By krishani Sep 18, 2022 04:15 AM GMT
Report

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය අසලට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනුකිරීමට එරට පොලීසිය පියවර ගෙන ඇති අතර එම පුද්ගලයා පෝලිමෙන් පැන වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය වෙත ළඟාවීමට උත්සාහ කළ අවස්ථාවේ දී පසුගිය සිකුරාදා (16) ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවේ 28 හැවිරිදි අදාළ සැකකරු හෙට (19) අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය. රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ පොලීම්වල සිටියදී වරදක් කළ බවට මීට පෙර ද පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබුණි.

රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් තවදුරටත් පෝලිම්වල රැදී සිටිති.

පුද්ගලයෙකුට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවම වශයෙන් පැය 15ක පමණ කාලයක් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති අතර අධික ශිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පෝලිම්වල සිටින පිරිස් ගිලන් රථ මගින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව ද වාර්තා වේ.