රැජිණගේ දේහය සම්බන්ධයෙන් අද ගත් තීරණය..

By krishani Sep 11, 2022 03:45 AM GMT
Report

දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වනවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ සිට ඇයගේ දේහය අද (11) රැගෙන යාමට නියමිත බව බී. බී. සී. පුවත් සේවය වාර්තා කළේ ය.

රාජකීය අවමංගල්‍ය රථයකින් රැජිණගේ දේහය ඇබර්ඩීන්, ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එඩින්බරෝ හි හෝලිරූඩ්ස් මාළිගය වෙත ළඟවනු ඇත.