දළදා පෙරහැරේ යන ඇතුන්ගේ අමුතුම තාලෙ වැඩ.
වෙසක් උත්සවය වගේම බෞද්ධයින් මහත් හරසරින් පුදන සහ සමරන තවත් මංගල්‍යක් තමයි ශ්‍රී දළදා පෙරහර කියන්නේ. අපි දළදා පෙරහැරේ වැඩිපුරම අවධානය දෙන්නේ කරඬුව වඩම්මවන ඇත් රජු ඇතුළු ඒ ඇත් පන්තියට.හැබැයි ආවට ගියාට හැම ඇතෙකුටම බෑ මේ කරඬුව වඩම්මවනවත්, දළදා පෙරහැරේ ගමන් ගන්නවත්. ඒකට පින තියෙන්නත් ඕන. ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ... උතුම් දළදා පෙරහැරට අලි ඇතුන් තෝරාගන්නේ කොහොමද කියලා වගේම එම ඇතුන් පෙරහැරේදී කරන අපූරු වැඩකිඩ ටිකක් ගැනයි.
? පෙරහර කරඬුව වඩමවන්න හැම ඇතාට ම බැහැ.ඒකට විශේෂ පෙනුමක් තියෙන්න ඕන. ඒ වගේම විශ්වාසයක් තියෙන්නත් ඕන.
? පෙරහර ආරම්භ වෙන්න මාස තුනකට විතර කලින් දී ලංකාවේ හීලෑ අලි ඇතුන් ගැන ලැයිස්තුවක් සකස් කරන අතර ඉන් ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය හා මද කිපෙන ආකාරය ගැන සොයා බලනවා.
? පසුව අසනීප හා මද කිපුණු ඇතුන් ඉවත් කර ඉතිරි අලි ඇතුන් පිළිබඳව විස්තරයක් දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කරනවා.
? මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් මෙවර පෙරහරේ ගමන් කරන අලි ඇතුන් කවුරුන්ද යන්න තෝරා ගන්නවා.
? ඉන් පසුව මාලිගාවේ නැකැත් පත්‍රයද බුලත් අතක් හා නිලමේතුමාගේ ත්‍යාගයක් ද රැගෙන නිලමේතුමාගේ නියෝජිතයෙක් දේවාල පන්සල් හා නිවෙස්වලට ගොස් අලි ඇතුන්ගේ හාම්පුතුන්ට චාරිත්‍රානුකූලව ආරාධනා කර මෙවර පෙරහරට අලි ඇතුන් සහභාගි කරවන්න කියා ඉල්ලීමක් කරනවා.
? ඒ අනුව අලි ඇතුන් පෙරහරට සහභාගි කරවන්න ඒ අලි අයිතිකරුවන් කටයුතු කරනවා.
? ඒ හීලෑ අලි ඇතුන් පෙරහරට සහභාගි වෙන්න පෙර ඒ අය එළියට ගන්නේ ආසන්න නැකතකිනි.
? පෙරහරට අලි ඇතුන් ගෙනයන්න පෙර අලි හාම්පුතුන් විසින් අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කරනවා.
? එවිට ඒ අලි ඇතුන්ට තමන් දැන් පෙරහරට යන්න සූදානම් වෙන්නෙ කියා හැඟෙන බවයි සඳහන් වෙන්නේ.
? එවිට ඒ අලින්ගේ හැසිරීම් රටාව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නවලු.
? ඒ අය ඉක්මනින් ඒ ගමන යන්න උත්සාහ කරනවා.
? ඒ අය දන්නවා පෙරහරට ගිය විට තමන්ගෙ වර්ගයා මුණ ගැසෙනවා කියා.
? ඒ අය පුදුම සතුටකින් ඉන්නෙ පෙරහරට යන්න. සමහර අලි ඇතුන් වසරකට වරක් හමුවන මිතුරු මිතුරියන් හමුවෙන්න හරිම ආශාවක් දක්වනවා.
? ශී‍්‍ර දළදා පෙරහරට සහභාගි වෙන්න පයින් ගිය එකම ඇතා කරඬුව වඩමවන නැදුන්ගමුවේ රාජා පමණයි. එයාගේ දළ දෙකට හානි වෙයි කියලා එයා ලොරිවල නග්ගලා එවන්න අයිතිකරු කැමති නැහැ.
? ඒ නිසා එයා දින හතක් තිස්සේ පෙරහරට එන්නේ පයින්මයි. ඒ දින හතේම එයා නිදා ගන්නේ නැහැ. එයා නිදා ගන්නේ එයාගෙ ගෙදර ඇත් ගාලෙ පමණයි.
? රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදිම බඳින්නෙ එකම ස්ථානයකයි.
? ඒ අලි ඇතුන් වසරකට පසුව එතනට ආවත් එයා දන්නවා මේ එයා හැමදාම පෙරහරට ආවාම ඉන්න තැනයි කියා.
? පෙරහරට එන අලි ඇතුන් ඒ අය අතර මිතුරන් හා හතුරන් ඇති කර ගැනේ. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ අය ඈත් කර තමයි ගාල් කරන්නේ. නැතිනම් ඒ අය රණ්ඩු සරුවල්වලට යන්න උත්සාහ ගන්නවා.
? සාමාන්‍යයෙන් බොහෝ තරහා ඇතිකර ගන්නේ පිරිමි අලින්. තවත් පිරිමි අලියෙක් සමඟ තාරුණ්‍යයට හා නායකත්වයට යම් ප්‍රශ්න ඇති වුණොත් ඒ අලි තරහා වෙනවා.
? එවිට ඒ අලි ඒ තරහා වසර ගණනාවක් තියා ගන්නවා. ඒ අලි හොඳට හඳුනන නිසා හැම විටම ඒ අය එකට මුණගස්වන්නේ නැහැ.
? තවත් කෙනෙක් තමයි මාලිගාවේ ජනරාජා ඇතා. එයා ළඟ තිබෙන්නේ අමුතුම තාලෙ වැඩ. එයාව පෙරහරේ ගෙනියන්නේ හරිම බයෙන්. ඒ කියන්නේ කුලප්පු වෙලා කරදර කිරීමක් නොවෙයි. එයා කොයි වෙලාවෙ වැඩ අවුල් කරයිද කියලා කාටත් සැකයි. මේ කරුණු අනුව පෙරහරට අලි ගමන් කරවන්නෙත් ඒ අයගේ යාළු මිත්‍රකම් හා ගතිගුණ සැලකිල්ලට අරගෙනයි.
? අලි ඇතුන් පෙරහරේ යන්න හරිම කැමතියි. ඒ අය ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්නේ මහත් ආඩම්බරෙන්.
?සාමාන්‍යයෙන් අලි ඇතුන් ඇඳුම්වල පාටට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ.
? ඒත් ඇඳුම් ඇඳගෙන පෙරහරේ යන්න අලි ඇතුන් හරිම කැමතියි.
? අලි ඇතුන් ඕන වෙලාවක් බැඳගෙන ඉන්න පුළුවන් වුවත් ඒ අයට ඇඳුම් ඇන්ද වූ විට සමහර අලි ඇතුන් එකතැන තියාගෙන ඉන්න බැහැ.පෙරහරේ යන්නමයි උත්සාහ කරන්නේ.
? ඒ නිසා සමහර ඇත් ගොව්වන් කියන්නේ ‘අනේ මෙයා පෙරහරේ ඉස්සෙල්ලාම දාන්න. මෙයා ඇඳුම් අන්දවලා එකතැන තියාගෙන ඉන්න බැහැ.’ කියලයි.
? අලුතෙන් එන කෝඩුකාර අලි ඇතුන් එක්වරම පෙරහරේ ගෙනයන්නේ නැහැ.
? ඒ අය බෙර හඬට, පන්දම් එළිවලට හා මිනිසුන්ටත් බය නැති වෙන්න ඕන.
? ඒ නිසා පළමුවෙන්ම කරන්නේ ඒ කෝඩුකාර අලි ඇතුන්ට පෙරහර පටන් ගන්න ඉස්සර ලස්සන ඇඳුමක් ඇන්දවීමයි. එවිට එම සතා ආශාවෙන් ඇඳුම් ඇඳගෙන ඉන්නවා.
? නමුත් එහෙම කලත් එයාව පෙරහරේ ගෙන යන්නේ නැහැ.
? පළමුව එයාට ඇඳුම් අන්දවලා ගෙනත් එක තැනක ගැට ගහලා එයාට පෙරහර පෙන්වනවා. එහෙම දින කීපයක් කළ විට එයා පෙරහරේ යන්න ආශාවක් දක්වනවා.
? එවිට කරන්නේ එයා මිතුරු වෙලා ඉන්න අලි ඇතුන් සමඟ එයා පෙරහරේ ගමන් කරවීමයි.
? එවිට පෙරහරේදී එයාට යම් බියක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයා එයාගෙ යාළුවා ළඟට කිට්ටු වෙලා ඉන්නව වගේම ඒ අය දන්නවා එහෙම කරදරයක් වුණොත් එයාගේ යාළුවා එයාට උදව් කරන බව.
? අලි ඇතුන්ගේ හැසිරීමත් මහා පුදුමයි. ඒ අය කොපමණ ප්රචණ්ඩ වුණත් පෙරහර වෙලාවට ඒ අය පුදුම සංවරකමක් දක්වයි. දැන් මාලිගාවේ ඇත් පංතියෙ ඉන්න ඉංදිරාජා ප්රචණ්ඩ ඇතෙක්. සමහරු පුදුම වෙනවා මෙයා කොහොමද කරඬුව වඩම්මවන්නේ කියා.
? ඒ කොපමණ ප්රචණ්ඩ චරිතයක් වුවත් ඇඳුම් අන්දවා ඇතාගේ පිටේ කරඬුව තැන්පත් කරන්න මාළිගාව තුළට ගත් පසුව ඇතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
? පෙරහරේ ශිල්පීන්, බෙරකරුවන්, පන්දම්කරුවන් එම ඇතා ළඟට ආවත් එයා නිහඬව සිටිනවා. සමහර විට පෙරහර කරඬුව සමග රන්සිවිගේ ඇද වුණොත් ඇති. පෙරහරේ ගමන් කිරීම නතර කරනවා. එක අඩියක්වත් ඉදිරියට තබන්නේ නැත. පෙරහර කරඬුව රැගත් ඇතා පෙරහරේ ගමන් කරන විට දැල ඇතුන් දෙදෙනා කරඬුව ගෙන යන ඇතාට පුදුම විදියට සහයෝගය දක්වනවා.
? දැලෙ යන ඇතුන් දෙදෙනාත් පෙරහර කරඬුව ගෙනයන ඇතා ගැන පුදුම විදියට අවධානයක් යොමු කරනවා. කරඬුව වැඩමවන ඇතු නැවතුණ විට දැලෙ යන ඇතුන් දෙදෙනාත් නතර වෙනවා.
? ආයෙමත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කළ විට කරඬුව වැඩම කරන ඇතා ගමන් කිරීමට පෙර පාදය තැබූ පසුවයි දැලෙ ඇතුන් දෙදෙනා ඉදිරියට පාද තබන්නේ මේවා කවුරුත් ඒ අයට කියා දුන් ඒවා නම් නොවෙයි.
? පුංචි අලි පැටවුන් වගේ ලොකු ඇතුන්ද පැණිරසට පුදුම කැමැත්තක් දක්වනවා.
? ඒ නිසා ඒ අය පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඇත් ගොව්වන් ඒ අයට ටොෆි චොකලට් වගේ ඒවා කන්න දෙනවා. සමහරු කොප්පරා කන්න ආසයි. සමහරු උක්දඬු වගේ දේවල් කන්න ආසයි. තමන්ගේ අලි ඇතුන් ආස කරන දේ ඇත්ගොව්වන් හොරෙන් සඟවාගෙන ඉඳන් පෙරහරේ ගමන් කරන විට කාටත් හොරෙන් ඒවා දෙනවා.
? සමහර අලි ඇතුන්ගේ දෙපාවලට මාංචු දාලා හිරකර ගෙනයි පෙරහරේ ගෙනියන්නේ. එයට හේතුව පෙරහරේ ගෙන යන්න ඒ අලි ඇතුන් නුසුදුසු වුණත් අලි ඇතුන්ගේ හිඟකම නිසා ඒ අයත් පෙරහරේ ගෙනයන්න සිදුවීමයි.
? එහෙම හිර කරගෙන යන විට ඒ අයට තරහාත් යනවා. ඒ නිසා ඇත්ගොව්වන් ඒ අයට ටොෆි, චොකලට්, පළතුරු වගේ දේවල් දීලා රවටලා ඒ අයගේ අවධානය වෙන අතකට යොමු කර පෙරහරේ ගෙනයයි. හරියට පොඩි ළමයි එක්ක කටයුතු කරනවා වගෙයි.
? සාමාන්‍යයෙන් සමහරු හිතනවා ඇයි මේ වගේ අලි ඇතුන් මාංචු දාගෙන පෙරහරේ ගෙන යන්නේ කියා. අලි ඇතුන් මද කිපෙන්න මාස තුනකට කලින් වුණත් පෙරහරේ ගෙන යන්න සුදුසු නැහැ.
? නමුත් මද කිපෙන්නෙ ලබන මාසෙ කියලා තියන අයත් දැන් පෙරපරේ ගෙනියන්න සිදු වී තිබෙනවා. ඒ අලි ඇතුන්ගේ හිඟකම නිසායි. ඒ අයට ඒ කාලෙට ප්‍රචණ්ඩත්වයට බර නිසා ඒ අයව හිරකරගෙන පෙරහරේ ගෙන යන්න සිදු වෙනවා.
? අලි ඇතුන් පෙරහර වෙලාවෙදි වුණත් යන්නේ බොහෝ කල්පනාවෙන්. ඒ බව බොහෝ අය දන්නෙ නැහැ.
? මොකක් හරි කලබලයක් වෙලා මිනිසුන් කෑකෝ ගහන විට අනෙක් අලි ඇතුන් දන්නවා මොකක් හරි කලබලයක් අනතුරක් කියා.
? එවිට එතකොට ඒ අය නිතරම දුවන්නේ ඇත්ගොව්වා හා සෙනග දුවන දෙසටයි.
? ඒ අලි ඇතුන් හැම වෙලාවෙම හිතනවා ජනතාව අතරට ගිය විට ජනතාව ඒ අයව ඒ කරදරෙන් බේරා ගනිවී කියා. ඒ නිසා යම් සිදුවීමක් සිදුවුණ විට ජනතාව කෑකෝ ගැසුවොත් අලි ඇතුන් බිය වෙනවා.
? ඝෝෂාවක් නැතිව නිහඬව ඉන්නවා නම් අලි ඇතුන් කරදර කරන්නේ නැහැ.
? පෙරහර අවසානයේ ඇඳුම් ලිහනවාටත් අකමැති අලි ඇතුන් ද සිටිනවා.
? පෙරහර මංගල්‍යය අවසන් වෙන දවස ඒ අලි ඇතුන්ට දැනෙනවා. සමහරු ඒකට හරිම කණගාටුවෙන් ඉන්නේ. තමන්ගේ යාළුවන් මිතුරන් දාලා යන්න. ඒ අයගෙන් වෙන් වෙන්න යනවා කියලා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |