අලි 227ක් සහ මිනිසුන් 82ක් මිය ගිය සංවේදී පුවත..

Sri Lanka Elephant Accident Death
By Aruna Jul 07, 2023 02:18 AM GMT
Report

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා(01) සිට ඉකුත් 05 වැනිදා දක්වා වූ දින 186ක කාලය තුළදී අලි 227ක් මියගොස් ඇති බව වනජීව හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.

මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම හේතුවෙන්, අලින්ගේ පහරදීම්වලට ලක්ව මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ද 82 ක් බවයි පැවසෙන්නේ.

අලි මිනිස් ගැටුමට කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ඇමැතිවරිය මේ බව කියා සිටියා.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ, අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන් කළයුතු බවයි.