බේරාගත් වන අලියා නිලධාරියාට පන්න පන්න පහර දෙයි..

Anuradhapura Sri Lanka Elephant
By Sithumi Jul 09, 2023 10:54 AM GMT
Report

ගල්ගමුව වැවැරණවැටිය ගල්ලෑල්ල වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත වගා ළිදකට වැටී සිටි වනඅලින් දෙදෙනෙකු ඊයේ සවස ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිළධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ගොඩට පැමිණි එක් වනඅලියෙකු අසල නිළධාරියෙකු පසුපස පළවා ගොස් එම නිළධාරියාට පහර දී ඇත.

පහර කෑ 41 හැවිරිදි නිළධාරියා ගල්ගමුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යැවුණා.