ගමක් හඩවමින් වන අලි ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස මියගිය තිදරු පියා..(PHOTOS)

Anuradhapura Sri Lanka Elephant Accident
By Sewvandhi Sep 22, 2022 05:26 AM GMT
Report

අනුරාධපුර තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ගම්මානයේ නිවසක් පිටුපසට පැමිණි වන අලියකු සිදු කළ පහරදීමකින් එම ගෙහිමියා ජීවීතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරප්පනය, වෙල්ලමුදාව පදිංචි නිමල් රත්නායක නම් 62 හැවිරිදි තිදරු පියෙකු වන ගොවි මහතෙකි.

අද (22) අලුයම 3.30 ට පමණ ගෙවත්තට පැමිණි වන අලියකු මෙලෙස නිවසේ පිටු පස දොර අසලදීම මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, වන අලියා සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

"බල්ලා බුරන සද්දෙට ගෙයින් එළියට ඇවිත් බලන කොට ගේ ගාවම අලියා හිටියා, ටෝච් එක ගහලා බලන කොටම අලියා ගැහුවා, අපි දුවගෙන එන කොට අලියා ආයෙත් හැරිලා අපිට ගහන්න ආවා" යැයි ජීවිතක්ෂයට පත් නිමල් රත්නායක මහතාගේ බිරිඳ පැවසුවාය.

"තම ගම්මානයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන බවත්, ගම හැම තැනම හරක් වගේ ඇවිදිනවා, අපිට වවන්න කිව්වට අපි කොහොම වවන්නද, අපේ ජීවිත නැති වෙන එක විතරයි.අලි දැන් තුන් හාරසියක්ම අපේ ගම වටේම ඉන්නවා.අලි නිසා මේ රට වගේම ගොවියා විනාශ වෙනවා.අපිට අලි නිසා ගොවිතැන් අතෑරලා ඉන්නේ" යැයිද ගම්වාසීන් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(තිසර සමල් - අනුරාධපුර)

   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

 

GalleryGallery