විශාල ගාණකින් විදුලි බිලට කරන්න යන දෙයක්?..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By krishani Feb 11, 2024 05:12 PM GMT
Report

ඉදිරියේ දී සියයට 35කින් විදුලි බිල අඩු විය යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළේ ය.

විශාල ගාණකින් විදුලි බිලට කරන්න යන දෙයක්?.. | Electricity Prices In Sri Lanka

ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

ඒ අනුව එම සංගමය පෙන්වා දෙනු ලබනුයේ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත රජය විදුලි බිල අඩු කිරීමෙන් වැළකී සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසු මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.

එමෙන්ම ලබන අප්‍රේල් මාසයේ දී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, එම නිර්දේශ මාර්තු මාසය වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.