මෙරට විදුලි ගාස්තු ජාත්‍යන්තරයට යයි... විදුලි ගාස්තු සම්බන්ධයෙන් ඇහෙන නවතම කතාව..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By Sithumi Feb 09, 2024 03:45 PM GMT
Report

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු සහිත රට ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අනාවරණ කර තිබෙනවා.

මෙරට විදුලි ගාස්තු ජාත්‍යන්තරයට යයි... විදුලි ගාස්තු සම්බන්ධයෙන් ඇහෙන නවතම කතාව.. | Electricity Prices In Sri Lanka

2023 වසරේ දී අවස්ථා 3ක දී විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් අතර ඇදහැලුණු අධික වැසි සමඟ ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් පසුගිය මාසයේ සිට විදුලි බිල පහළ දමන බවට බලධාරීන් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් තවමත් විදුලි ගාස්තු අඩුකර නැති බවට පාරිභෝගිකයින් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය පවසන්නේ, දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු සහිත රට ශ්‍රී ලංකාව බවයි.

දකුණු ආසියාවේ රටවල නිවසක සාමාන්‍ය විදුලි බිල මෙන් තුන් ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ නිවසක විදුලි බිල ලෙස ගෙවීමට සිදුව ඇති බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා.

වෙරිටේ රිසර්ච් සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට පසු දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ක්‍රියාත්මක වන්නේ පාකිස්තානය වන අතර නමුත් එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු අගයක පවතිනවා.

විදුලි ඒකක 100ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිතා කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50%කින් ඉහළ බව සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

ඒකක 300ක් භාවිතා කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97%කින් ඉහළ බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන අතර මෙවැනි පසුබිමක පසුගිය ජනවාරි මාසයේදී විදුලි බිල අඩු කරන බව විදුලි බලධාරීන් පැවසුවත්,එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ පෙබරවාරි මාසය තුළද විදුලි ගාස්තු සංශෝධනය නොලැබෙන බවයි.

මෙරට විදුලි ගාස්තු ජාත්‍යන්තරයට යයි... විදුලි ගාස්තු සම්බන්ධයෙන් ඇහෙන නවතම කතාව.. | Electricity Prices In Sri Lanka

මේ වනවිට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ලබන 15 වනදා සිදුකරනවා.

මේ අතර, මෙගාවොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මඟින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතියේ ගිවිසුමට රිවිධනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය ඊයේ අස්සන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 132ක් වන අතර අදාළ සමාගම මඟින්ම කිලෝමීටර් 27.5ක එහි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනු ඇත.

මේ අතර ඉන්දීය බලශක්ති සතියට සහභාගී වූ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති බලධාරීන් අතර සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

ඒ අනුව එක් සාකච්ඡාවක් පැවැත්වුණේ, ඉන්දියාවේ නාගපට්නම්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ යා කරමින් බහු නිෂ්පාදන ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය කළ යෝජනාව පිළිබඳවයි.

එමෙන්ම සාම්පූර් සූර්යබල ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව පැවති සාකච්ඡාවේදී ඉන්දීය ජාතික තාප විදුලි සංස්ථාව මෙරට සුළං සහ පාවෙන සූර්යබල ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පළ කර තිබෙනවා.  

මේ අතර දෙරටේ විෂයභාර අමාත්‍යවරුන් අතර පැවති තවත් සාකච්ඡාවකදී අවධානය යොමුව ඇත්තේ ඉන්දියාව මෙරට තුළ ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධනය පිළිබඳවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ, ඉන්දියාව සමඟ අන්තර් සම්බන්ධතාව සහ බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන් සඳහා ලෝක බැංකුව උපදෙස් සහ සහාය ලබා දී තිබෙනවා.

ඒ, ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් ප්‍රමුඛ කණ්ඩායමක් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර LNG බලාගාර ඉදිකරන සමාගමටම ඊට අදාළ LNG ගෙනවිත් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට ලබාගැනීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, LNG බලාගාරවන සොබාදනවි 1, 2 බලාගාර නොමැතිවුවහොත් මේ වසරේ යළි අර්බුදයක් ඇතිවිය හැකි බවයමූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඔහු මේ බව සඳහන් කළා.