විදුලි ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්..!
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Sewvandhi
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.
මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අවධාරණය කළේය.
කෙසේවෙතත් මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.