මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිලට කුමක් වෙයි ද?.

Kandy Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Jul 18, 2023 03:32 AM GMT
Report

අද (18) දින, ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දළදා මාලිඟා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ දළදා මාලිඟාව, සතර මහා දේවාල මෙන්ම නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ය.

මෙවර ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූ නවදහසක් වේ.එය පසුගිය වසරේ රුපියල් ලක්ෂ 90ක් ය.

අද පැවැත්වෙන සාකච්ඡාවේ දී යම් ගාස්තු සහනයක් ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 21 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.