විදුලි බිල ඩොලර් වලින් ගෙවන්න - මහජන උපයෝගීතා කොමිසමෙන් දැනුම්දීමක්..!
Sri Lanka
Ceylon Electricity Board
By Sithumi
තමන්ගේ ආදායමෙන් 60%කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හො රජයේ ආයතන වේනම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ගෙවිය යුත්තේ අමෙරිකානු ඩොලර්වලින් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ ජනක රත්නායක මහතා ඒ බව පැවසීය.
අඩු ආදායම්ලාභි ජනතාව සදහා විදුලි බිල ගෙවීමේ දී සහනාධාර ක්‍රමයක් නිර්දේශ කළ බව මහජන උපයේගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, විදුලි බිල වැඩි කිරීමට අදාළ ව ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව සහ වැඩිදුර තොරතුරු හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |