විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දැනුම් දෙයි

Parliament of Sri Lanka Sri Lanka Electricity Prices Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 30, 2025 06:39 AM GMT
Report

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවටයි.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන් වනවා.