සුපිරි වාසියක්..! විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට ඩොලර් බිලියන 72.3ක සහනයක්..
Electric Vehicle
China
By Sewvandhi
චීනය විසින් විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ.
අදාල සැලසුම අනුව ඩොලර් බිලියන 72.3ක සහනයක් විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට හිමිවෙයි.
එමගින් විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි, චීන බලධාරීන් පවසන්නේ.
මෙම නිවේදනයත් සමගම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල කොටස් මිල සීග්‍රයෙන් වැඩිවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ලෙස සැලකෙන්නේ චීනය යි.