නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි අර්බුධය දිගටම!!තව මාස දෙකකින් වෙන දේ..

Sri Lanka Technology Power cut Nochchole
By Aruna Jan 09, 2022 10:54 PM GMT
Report

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් එමගින් උපරිම ධාරිතාවකින් යුතුව විදුලිය නිෂ්පාදනය ගැටළුකාරී වී තිබෙනවා.

විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී රට පුරා සිදු වූ පැය ගණනාවක හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල විදුලි උත්පාදන යන්ත‍්‍රයේ ඇතැම් කොටස්වලට දෝෂ හානි සිදු වී ඇති බවයි.

ඇතැම් කොටස් චීනයෙන් ගෙන්වා අලුතෙන් දැමීමට හෝ පෑස්සීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එළඹෙන සතිය පමණ වන විට එම කටයුතු අවසන් කර ගැනීමට හැකි වනු ඇති බවටද ඔවුන් විස්වාස කරනවා.

නමුත් මෙම බිද වැටීමෙන් හානි සිදුවීම මත දීර්ඝකාලීනව විටින් විට දෝෂ මතුවීමට ඉඩ ඇති නිසා ඒ හේතුවෙන් විදුලි කප්පාදු සිදු වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටියි.

මේ අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල්අඟුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මත ද එහි විදුලි නිෂ්පාදනයට ගැටලූ මතු වෙමින් තිබේ.

දැනට ගල් අඟුරු තොග සතුව ඇත ඉදිරි මාස දෙකකින් පමණ පසු ගල් අඟුරු සපයා ගැනීමද අර්බුදකාරී වී ඇත්තේ මෙරට ඩොලර් අර්බුදය හේතුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now