බස්නාහිර පළාතට එන අලුත්ම බස් මෙන්න - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

Colombo Gampaha Sri Lanka Western Province
By Sewvandhi Mar 01, 2023 12:00 PM GMT
Report

මහාමාර්ග අමාත්‍යාංශය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ ධාවනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එහිදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය‍ සඳහා ආරෝපිත විදුලිකෝෂ මඟින් ක්‍රියාත්මක බස්රථ ධාවනයට යෙදවීම සිදුකෙරේ. 

 ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වාදීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇති බැවින් රජය විසින් මෙලෙස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now