විදුලි බල මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනම්දීමක්..
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Public Utilities Commission of Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර සිටිනවා. එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බවයි.
එමෙන් ම දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා විදුලිය උත්පාදනය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඒ අනුව ජල විදුලි උත්පාදනය, 21% ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් වනවා.
සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5% ක් වන අතර, 64% ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහා බවයි පැවසෙන්නේ.
 
                 
                 
                                             
        
     
     
     
     
    