විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හදිසියේ ඉල්ලා අස්වෙයි.
Sri Lanka
Electric Bord
By Aruna
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ එම තනතුරෙන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය හරහා විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.
අවස්ථා ගණනාවකදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ අමරිකානු සමාගමක් සමඟ යුගදනවි විදුලිබලාගාරයේ රජය සතු කොටස් පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමග දැඩි කතාබහකට ලක් වුණා.
මේ හේතුව නිසා ඔහුගේ ක්‍රියා කලාපය විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ දැඩි විරෝධයට ලක් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |