විදුලි බිල සම්බනධයෙන් අද කරන්න යන දේ..විශේෂ දැනුම් දීමක්.
විදුලි බිල්පත් ගෙවීම මඟහැර ඇති පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඊට අදාළ නියෝගය අද දිනයේ නිකුත් කරන බව එම කොමිසම සදහන් කළා.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ වනවිටත් සංස්ථාවේ දෛනික අලාභය රුපියල් කෝටි තුන්සිය හැට පහකට වැඩි බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියා.
මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියා.
ඔහු පැවැසුවේ ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |