විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..
පවතින තත්ත්වය හමුවේ විදුලි බිල අඩු වේ යැයි විශ්වාස කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එමෙන්ම නව විදුලි බල පනතේ වගන්ති කිහිපයක් අඩු නොකළහොත් විදුලි බිල තවත් වැඩි විය හැකි බවටයි එම සංගමය අනතුරු අඟවා ඇත්තේ.
එම සංගමයේ සභාපති ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ, මෙම පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට පෙර ඒ සඳහා සාධනීය ලෙස අදහස් දැක්වීමට හා සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, විශ්වවිද්‍යාල ආචාර්යවරු ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ විදුලිබල ක්ෂේත්රය සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනා විසින් විෂයභාර ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කළ ද ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවයි.
ඔහු මේ පිළිබඳව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තම සංගමය විසින් අවස්ථා දෙකකදී විදුලිබල පනත සඳහා අදහස් ලබා දෙමින් ලිපි යොමු කර ඇති අතර එම අදහස් දැනට සකස් කරනු ලබන පනතේ ඇමුණුම් සඳහා පාදක කරගත් බව හෝ පාදක කරගන්නා බව දැනගැනීමට කිසිදු අයකුට මේ වනතුරු අවස්ථාවක් ලැබී නොමැති බව එම සංගමය අවධාරණය ක සිටින්නේ.
එහිදී හෙතම කියා සිටියේ, මෙම පනතෙන් විදුලිබිල අඩුවීම සම්බන්ධව හා විදුලි සුරක්ෂිතතාව පිළිබඳව සඳහන් නොවීම විශාල ගැටලුවක් බවයි.
මේ අයුරින් සියලු පාර්ෂව විසින් පනතේ උන්නතිය සඳහා ලබා දුන් අදහස් හා යෝජනා ඉදිරි ඇමුණුම සෑදීමේදීද කුණු බාල්දියට යවමින් කටයුතු කළහොත් එය කැබිනට් අනුමැතිය ලබාගත්ත ද පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත්ත ද පනතේ සඳහන් කරුණු මහපොළොව මත ක්‍රියාත්මක කිරීමේදී පාරිභෝගිකයා, විදුලිබල සේවකයා හා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීමට කටයුතු කරනු ඇතැයි සාධාරණ බියක් ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.